ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව පූර්ණ වශයෙන් රජය සතු ආයතනයකි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිත ඔවුන්ගේ නව ශාඛාව සදහා බැංකුවේ දැක්ම මුදුන්පත් කිරීමට කැමති ක්‍රියාශීලී තරුණ ශ්‍රී ලාංකිකයන් ගෙන් පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
-
ණය නිලධාරී (Credit Officer)
-
පුහුණු බැංකු සහකාර (Trainee Bank Assistant)
ණය නිලධාරී (Credit Officer)
පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ ඊට සමාන වෘත්තීය සුදුසුකම් සමග පිළිගත් බැංකුවක හෝ මුල්‍ය ආයතනයක වාණිජ ණය/ලීසිං පිලිබඳ වසර 4 ක පළපුරුද්දක් තිබිය යුතුය.
හෝ
AIB / බැංකු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සමග පිළිගත් බැංකුවක හෝ මුල්‍ය ආයතනයක වාණිජ ණය/ලීසිං පිලිබඳ වසර 5 ක පළපුරුද්දක් තිබිය යුතුය.
හෝ
අ.පො.ස (සා/පෙළ) විභාගයේදී ගණිතය, සිංහල/දෙමළ හා ඉංග්‍රීසි ඇතුළුව විෂයයන් 5 කට සම්මාන සාමාර්ථ ලබා තිබීම හා අ.පො.ස (උ/පෙළ) විභාගයේදී සම්මාන සාමාර්ථ 3 ක් සමග පිළිගත් බැංකුවක හෝ මුල්‍ය ආයතනයක වාණිජ ණය/ලීසිං පිලිබඳ වසර 7 ක පළපුරුද්දක් තිබිය යුතුය.
වයස අවු 30 ට අඩු විය යුතු අතර යතුරුපැදි සදහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
පරිගණක සාක්ෂරතාවය හා දෙමළ භාෂා ප්‍රවීනත්වය අවශ්‍ය වේ.
මන්නාරම හා ඒ අවට පදිංචි පුද්ගලයන්ට ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.
පුහුණු බැංකු සහකාර (Trainee Bank Assistant)
අවම වශයෙන් උසස් පෙළ විෂයන් දෙකකට සම්මාන සමාර්ථ හා සාමාන්‍ය පෙළ ගණිතය, සිංහල /දෙමළ හා ඉංග්‍රීසි ඇතුළුව විෂයන් පහකට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.
වයස අවු 24 ට අඩු විය යුතුය.
පරිගණක සාක්ෂරතාවය හා දෙමළ භාෂා ප්‍රවීනත්වය අවශ්‍ය වේ.
මන්නාරම හා ඒ අවට පදිංචි පුද්ගලයන්ට ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.
ඔබ මෙම තනතුරු සදහා අයදුම් කිරීමට සුදුස්සකු නම් ආදර්ශ අයදුම්පතක් ලබාගැනීමට careers@slsbl.lk යන ඊමේල් ලිපිනයට හෝ පහත තැපැල් ලිපිනයට ඒ බව සඳහන් ලිපියක් ඒවා ආදර්ශ අයදුම්පත ලබා ගන්න.
සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2012 ජුලි 20 හෝ ඊට පෙර careers@slsbl.lk යන ඊමේල් ලිපිනයට හෝ පහත තැපැල් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය ලෙස අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුය.
කෙටි ලැයිස්තුගත කරන ලද අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට බැංකුවට පුර්ණ හිමිකම ඇත.
Senior Manager - Human resource Development,
Sri Lanka Savings Bank Ltd
No 265,
Ward Place,
Colombo 07.